"ආලෝකෝ උදපාදි" ලාංකීය සිනමාවේ නවමු සම්ප්‍රාප්තිය෴
කලකට පසු කතා කල යුතුම නිර්මාණයක් නිසාවෙන්ම මෙම ලිපිය එක් කරමු. ලාංකීය සිනමාවේ මෙතෙක් බිහිවූ ඓතිහාසික කතා පාදක කරගත් සිනමා කෘති අතර "ආලෝකෝ උදපාදි" සිනමාපටයට ඉහළ නිර්මාණාත්මක බවක් එක්ව ඇති බව සඳහන් කල හැක. ලිපියකින් නිර්මාණයක් විස්තර කිරීම පලක් නොවන නමුත් එහි ඇති විශේෂතා කිහිපයක් හා හැඟී යන පරිදි ඇති අඩුපාඩු කිහිපයක් පමණක් මෙහි දක්වමු.
පළමුවෙන්ම කිව යුත්තේ මෙතෙක් බිහිවූ සිනමාපටයන්ට සාපේක්ෂව මෙහි යොදාගෙන ඇති තාක්ෂණික උපක්‍රම ඉහළ මට්ටමක ඇති බවයි.
මෙහි එන තවත් රූපරාමු ලිපිය අවසානයේ ඇතුළත් කර ඇති... >>>
මෙහි එන තවත් රූපරාමු ලිපිය අවසානයේ ඇතුළත් කර ඇති... >>>
Movie trailer
Movie credits
- Producer - THUSITHA WIJAYASENA
- Director - CHATHRA WEERAMAN
- Script Writer & Consultant Director - SAMAN WEERAMAN
- Co-DIRECTOR - BARATHA HETTIARACHCHI
- Music - Milinda THENNAKOON
දෘශ්‍ය ප්‍රයෝග (Visual effects)
මෙහි යොදාගෙන ඇති දෘශ්‍ය ප්‍රයෝගයන් බොහෝ දුරට තාත්වික මට්ටමට ලඟා වී ඇති බව සඳහන් කල හැක. සමහර චිත්‍රපට අප දකින විටම ඇතිවන මේ මොන බොරුවක් දැයි යන සිතිවිල්ලට ඉඩ නොතබා මෙහි visual effects භාවිත කර තිබේ. එසේම සැබෑ රූපරාමු හා දෘශ්‍ය ප්‍රයෝග මනාව සංකලනය වී ඇති නිසා රූපරාමු වල සජීවී බවට ඉන් හානියක් වී නැති තරම්ය.
ත්‍රිමාණ තාක්ෂණය (3D Technology)
මේ තාක්ෂණය සිංහල චිත්‍රපට සඳහා එකතු වන්නේ ප්‍රථමවරටය. මෙහි "Photography and Matte paintings" තාක්ෂණය යොදා ගැනීමෙන් කෘතීම ලෙස පසුතල (backgrounds) ප්‍රතිනිර්මාණය කිරීමට සමත්ව තිබේ. මෙහිදී විදුරු තහඩු මත දර්ශන තලයේ නොමැති කෘතීම පරිසරයක් පරිගණක ආශ්‍රිත සිතුවම් මගින් නිර්මාණය කරනු ලබයි. උදාහරණයක් ලෙස එමගින් විශාල පෙදෙසක් සහිත භූමියක් තමා ඉදිරියේ ඇති ලෙස ප්‍රේක්ෂකයාට හැඟී යයි. නමුත් සැබැවින්ම එය රූගත කෙරෙනුයේ සීමා සහිත ඉඩ ප්‍රමාණයක් තුලයි. ඡායාරූපකරණය ආශ්‍රිත සිනමා දර්ශන නැත්නම් Cinematography ක්‍රමය මෙහිදී යොදාගෙන තිබෙනවා.
පෙර සඳහන් කල පරිදිම මේවා පසුතල නිර්මාණයන්ට මූලිකවම යොදාගෙන ඇත. "ආලෝකෝ උදපාදි" සඳහා මෙම අංශයේ වැඩ කටයුතු ඉන්දියාවේදී සිදුකර තිබේ, ඒ මෙම තාක්ෂණය සඳහා තවමත් අප රට තුල නිසි පරිදි පහසුකම් සපයා ගැනීම දුෂ්කර වී ඇති හෙයිනි. නමුත් නුදුරේදීම මේ තාක්ෂණය මෙරට සිනමාව තුලටද පැමිණෙනු ඇත.
අංගරචනය (Make-up)
එසේම මෙහි අංගරචනය හා ඇඳුම් පැළඳුම් මනාලෙස ගලපා ගෙන ඇති බව සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම එම යුගයට ගැලපෙන ලෙස හා පැරණි බවේ හැඟීමක් සිතට දැනෙන ලෙස ඇඳුම් හා ආයිත්තම් නිර්මාණය කර තිබෙනවා. වෙන විදියකට කිවුවොත් Artificial බවක් හැඟෙන්නේ නැති විදියට...
මෙහි නියඟය සහිත දර්ශනවල එන භික්ෂු චරිත හා සෙසු චරිතයන් මගින් එම කටුක බව ප්‍රේක්ෂකයාටද දැනවීමට තරම්, යොදා ඇති අංගරචනයන් උසස් ලෙස සමත් වෙන බව චිත්‍රපටය බලන ඔබටම හැඟීයාවි.
පහළින් එක්කර ඇති රූපරාමු ඒ බව ඔබට තවත් පෙන්වාදේවි...
සංගීතය (Music)
මෙහි පසුබිම් සංගීතය රූප වලට අමතර ශක්තිමත් බවක් එක් කරන බව දැක්විය හැකියි. නමුත් මෙහි එම චිත්‍රපටය සඳහාම ආවේනික වූ පසුබිම් සංගීත ඛණ්ඩයක් නොතිබීම නම් යම් අඩුවක් කියල කියන්න පුළුවන්. මොකද බොහෝ සිනමා කෘති එක්වරම අඳුනගන්න පුළුවන්වෙන එයටම අනන්‍ය වූ කුඩා හෝ සංගීත ඛණ්ඩයක් තිබෙන බව චිත්‍රපට රසවිඳ ඇති ඔබට පසක් වී ඇති. තව විදියකට කිවුවොත් Tiltle song එකක් කියල කියන්න පුළුවන් ගීතයක් මෙහි අඩංගු කරල නෑ. ඒ කෙසේ නමුත් මෙහි සංගීත රසය නම් හොඳ මට්ටමක තියෙන වග කියන්න පුළුවන්. විශේෂයෙන්ම මෙය බෞද්ධ කතාවක් පාදක කර ඇති නිසාම මෙහි රූපරාමුවලට පසුබිමින් ගැයෙන ගාථා සිතට යම් පහන් හැඟීමක් ජනිත කරන්නට සමත් වේවි. එසේම මෙහි යම් පමණකට ගැමි සංගීතයද එක්කර තිබෙනවා.
එසේම සටන් අවස්ථාවල, සංවේදී හා වෙනත් උච්ච අවස්ථාවල පසුබිම් සංගීතය චිත්‍රපටයට ප්‍රාණවත් බවක් එක් කිරීමට සමත් වෙනවා.
මෙහි චරිත තෝරා ගැනීමේදී චරිත වලට සාධාරණයක් ඉටු වෙන ලෙස නළු නිලියන් තෝරාගෙන ඇති බව කියන්න පුළුවන්. "මහ රජ ගැමුණු" චිත්‍රපටයේ වගේම මෙහිත් රජුගේ චරිතය උද්ධික ප්‍රේමරත්නට හිමිව තිබෙනවා. දිල්හානි ඒකනායක, රොෂාන් රවින්ද්‍ර, මේනකා පීරිස්, ඩබ්.ජයසිරි මෙහි එන අනෙකුත් ප්‍රධාන චරිත අතරින් කීපයක්. ඒ වගේම මේ සියලුදෙනාම වාගේ චරිතයට නිවැරදි සාධාරණයක් ඉටු කරන බව කියන්න පුළුවන්.
කතාව (Story)
මෙහි කතාව, වළගම්බා රජ සමයේ ලංකාව සොලීන් විසින් ආක්‍රමණය කිරීමේ පටන් රජු විසින් එම සතුරන් බිඳවා, අවසානයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම දක්වා දිවයනවා. නමුත් මෙහි කතාව පෙළ ගැසී ඇති ආකාරය නම් තරමක ඒකාකාරී බවක් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම චිත්‍රපටය තුල අත්‍යවශ්‍යයෙන්ම හුවා දැක්විය යුතු තැන් වලට වඩා අවශේෂ ස්ථාන සඳහා වැඩිපුර කල් ගන්නා බවක් පෙනී යයි. උදාහරණ ලෙස සතුරන්ගේ කුඩාරම තුල සිදුවන කතා බහ සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍ය පමණටත් වඩා මිඩංගු කර ඇත. නමුත් රජුගේ සේනා සංවිධානය පිලිබඳ කතා ඉක්මනින් ගලා යයි. තවද අවසන් සටනට මීට වඩා ගැම්මක් ලබා දෙන්නට තිබුණි, එහි රජු විසින් තම පිරිසට නායකත්වය දෙන බවක් ප්‍රමුඛ ලෙස නොපෙනේ. ඒ කෙසේ වුවද චිත්‍රපටයේ සෙසු ස්ථාන හා සසඳන කල අවසන් සටනට මීට වඩා තේජසක් එක් කරන්නට හැකි වූයේ නම් එය "ආලෝකෝ උදපාදි" සඳහා තවදුරටත් විචිත්‍රවත් බවක් එක් කිරීමට සමත් වෙනු ඇති.
කෙසේ වෙතත් මේ සියලු කතා අතරේ "ආලෝකෝ උදපාදි" සිනමාපටය ශ්‍රී ලාංකීය සිනමාවට නවමු ආලෝකයක් එක් කිරීමට සමත් වූයේයැයි අපට අවිවාදයෙන්ම සඳහන් කරන්න පුළුවන්. මෙහි අධ්‍යක්ෂ චත්‍ර වීරමන් ක්ෂේත්‍රයට අලුත් චරිතයක් වුවද "ආලෝකෝ උදපාදි" තුල ඔහුගේ කාර්ය භාරය අතිශයින් පැසසිය යුතුය. විශේෂයෙන්ම මෙහි යොදාගෙන ඇති නව තාක්ෂණය තව දුරටත් වැඩිදියුණු කරගනිමින් ඉදිරි නිර්මාණ සඳහා ද යොදාගන්නේ නම් එය සිංහල සිනමාවේ අනාගතයට නවමු අත්දැකීමක් ගෙනඑනු නොඅනුමානයි.
ඉතින් කලකට පසුව මෙරට බිහිවූ මෙවැනි නිර්මාණයක් මග නොහැර සිනමාහලකින්ම රසවිඳින ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා, එය පාඩුවක් වෙන එකක් නම් නැහැ. එසේම රැල්ලක් ලෙස රජ කතාම පමණක් කතා තේමාව ලෙස නොගෙන ඒ අතරට වෙනස්ම ආකාරයේ සිනමා කෘති ද එක්වන්නේ නම් එය ප්‍රේක්ෂක මනදොල සපිරීමට ඉවහල් වනු ඇතිය යන්න "තම්බපණ්ණි Express" අපේ හැඟීමයි.
- "ආලෝකෝ උදපාදි" හැදුන හැටි... > Aloko Udapadi Making of & Behind the Scenes
* Thank you... Keep a Like, Comment... And Share for others...
Thambapanni Express: "ආලෝකෝ උදපාදි" ලාංකීය සිනමාවේ නවමු සම්ප්‍රාප්තිය෴ >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
Thambapanni Express: "ආලෝකෝ උදපාදි" ලාංකීය සිනමාවේ නවමු සම්ප්‍රාප්තිය෴ >>>>> Download LINK
>>>>> Download Now
Thambapanni Express: "ආලෝකෝ උදපාදි" ලාංකීය සිනමාවේ නවමු සම්ප්‍රාප්තිය෴ >>>>> Download Full
>>>>> Download LINK ld