ගුරු ගීතය - The First Teacher
by Chingiz Aitmatovඅනුවාදක - දැදිගම වී. රුද්‍රිගු
ඒ රුසියානු විප්ලව සමයයි. කිර්ගීසියානු කඳුකරයේ සිදුවීම් ඇසුරෙන් රචිත සොඳුරු කාව්‍යයක් බඳු වූ මෙම කෘතිය, සෝවියට් දේශයෙහි අයිලය නම් පිටිසර ගමක ජීවත් වන අල්තිනායි නම් දැරියක් හා එම ගමට පැමිණෙන දුයිශෙන් නම් ගුරුවරයෙකු වටා ගෙතී තිබෙන අපූරු කතාවකි. පාසලේ විවිධ කාර්යයන්හිදී ඔවුන් මුහුණදෙන අපහසුතා පිලිබඳව සිත් ඇදගන්නා ආකාරයෙන් ගුරු ගීතයෙහි විස්තර කර තිබේ. වෙනස් මානයකින් ජීවිතය ගැන පෙන්වන මෙම කෘතිය විශාල ග්‍රන්ථයක් නොවූවද එහි අන්තර්ගතය විශිෂ්ටය.